මෙම බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු... ඔබට සුබ දවසක් වේවා!

අකුරක් නෑරම ලාංකිකයි.

ලයික් එකක් දාලම යන්න.

5:37 PM

පරිගණකයේ ඩ්‍රයිවර්ස් හොයාගන්න එක ප්‍රශ්නයක්ද

                                   Driver Easy 

කොහොමද ඔයාට, මම අද ගෙනාවේ හැම කෙනෙක්ටම ප්‍රයෝජනවත් වෙන ව්දියේ සොෆ්ට්වෙයා එකක්.සමහරුන්ට තියන ලොකු ප්‍රශ්නයක් තමයි පරිගණකය ෆෝර්මැට් කරාට පස්සේ පරිගණකයට ඕනේ කරන ඩ්‍රයිවර්ස් හොයාගන්නේ එක.අදමම ඔයාලට දෙන්න යන මෘදුකාංගයෙන් ඒ ප්‍රශ්නේ ඔයාලට විසදගන්න පුළුවන්.ඒ මෘදුකාංගය තමයි Driver Easy මෘදුකාංගය.මේ මෘදුකාංගයේ තියන විශේෂත්වය තමයි ඔයාගේ පරිගණකය මොකක් උනත් එකට ඕනේ කරන ඕනෙම ඩ්‍රයිවර්ස් සියල්ලම මේ මෘදුකාංගයෙන් හොයල අන්තර්ජාලයෙන් බාගතකරලා දෙනවා.අපට කරන්න තියෙන්නේ ඒ ඩ්‍රයිවර්ස් හරි විධියට ස්ථාපනය කරන එක විතරයි.ඒ කියන්නේ අපේ පරිගණකයේ අඩු ඕනෙම ඩ්‍රයිව එකක් මේකෙන් හොයල දෙනවා.මේකේ තියන තවත් විශේෂාංගයක් තමයි ඔයාගේ පරිගණකයේ සියලු විස්තර පෙන්වනවා.

මේ තියෙන්නේ මේකේ ෆොටෝ ටිකක් 





                                                      


1)මුලින්ම මෘදුකාංගය බාගන්න.

2)ඉන්පසු මෙය නිසි ආකාරව පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන්න.

3)ඉන්පසු Driver Easy අයිකනය මත  ඩබල් ක්ලික් කරන්න.

4)Scan Now බොත්තම ක්ලික්  කරන්න,ඉන්පසු Driver Easy      මෘදුකාංගය ඔබේ පරිගණකයේ නොමැති පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස්  සර්ච් කර බලයි.

5)ඉන්පසු ඔබේ පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් වාර්තා කරයි.

6)ඉන්පසු ඔබ කලයුත්තේ ඩ්‍රයිව එක ඉදිරියේ ඇති Download නමැති බට්න් එක ක්ලික් කල පසු එම ඩ්‍රයිව එක බාගත වීම ආරම්භ වේ.

මේ පියවර අනුව කල පසු ඔබේ පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ලබාගත හැක.මම හිතනවා අද මේ පොස්ට් එක ඩ්‍රයිවර්ස් හොයන ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල.එහෙනම් ඔයාට සුභ දවසක් වේවා.මම යනවා එහෙනම්.යනගමන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.



1 ඔයාට හිතෙන දේ:

Unknown said...

meka activate karanne kohomada

Post a Comment